ස්ථාවර තැන්පතු එහෙම නැත්නම් F.D දානකොට, සල්ලි තැන්පත් කරන බැංකුවේ / මුල්‍ය ආයතනයේ (Credit Rating) නැත්නං, ණය ශ්‍රේණිය කියන්නේ මොකක්ද? එහෙම එකක් බලන්ඩ ඕනේ ද🙄🤔🤔?
සාමාන්‍යයෙන් අපෙන් 💸💸💸සල්ලි ඉල්ලන කෙනෙක්ට, සල්ලි දෙන්න කලින්, ඒ කෙනාට සල්ලි ගෙවන්න පුලුවන්ද කියල අපි හොයල බලල නේ සල්ලි දෙන එක තරණය කරන්නේ.
👉අපෙන් Fixed Deposit එකක් විදියට මුදල් තැන්පතු භාරගන්න බැංකු සහ මුල්‍ය ආයතන කරන්නෙත්, ඇත්තටම අපෙන් මුදල් ණයට ගැනීමක්! හිතල බලන්න! ඉතින් එහෙම ගන්න මුදල් ණයට ගන්න ආයතන වල මුදල් ආපසු ගෙවීමේ හැකියාව අපි දැනගෙන ඉන්න ඕනනේ. ඒකට තමයි, ණය ශ්‍රේණිගත කිරීම් (Credit Rating) තියෙන්නේ.
මේක ලේසියෙන් දැනගන්නේ කොහොමද? කවුද මේ ශ්‍රේණිගත කිරීම්, රේටින්ග් (Rating) නිකුත් කරන්නේ?
ණය ශ්‍රේණිගත කිරීම් (Credit Rating) නිකුත් කරනු ලබන්නේ, ණය ශ්‍රේණිගත කිරීම සදහා පිහිටවූ ස්වාධීන, ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන (Credit Rating Agency) විසිනුයි. ශ්‍රී ලංකාවේ නම්, 2018 මාර්තු මස 13 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව ICRA Lanka Ltd සහ Fitch Ratings Lanka Ltd යන ආයතන මෙම ණය ශ්‍රේණිගත කිරීම් සිදු කරනු ලබයි.

මෙම රේටින් සාමාන්‍යයෙන් ICRA Lanka Ltd වෙතින් නිකුත් කරන විටදී [SL ]AAA, [SL ] AA, A BBB, BB, B, C ලෙස නිකුත් කරනු ලබන අතර;
Fitch Ratings Lanka Ltd මගින් රේටින් නිකුත් කිරීමේ දී AAA(lka), AA+(lka), AA(lka), AA-(lka), A+(lka), A(lka), A-(lka), BBB+(lka), BBB(lka), BBB-(lka), BB+(lka), BB(lka), BB-(lka) ලෙස දැක්වීම සිදුකෙරේ.

මෙම ආයතන මගින් ණය ගැණුම්කරුවෙකුගේ (අදාළ බැංකුවේ හෝ මුල්‍ය ආයතනයේ) ණය නැවත ගෙවීමේ හැකියාව සහ ණය, නියමිත කලට වෙලාවට නැවත ගෙවීමට ඇති කැමැත්ත සළකා බලා, ඒ ගැන ස්වාධීන මතයක් පල කරන අතර එම මතය ණය ශ්‍රේණිගත කිරීම (Credit Rating) ලෙස හදුන්වයි.
- එය ණය ආපසු ගෙවීමට ඇති හැකියාව පමණක් ම නොව, ආපසු ණය ගෙවීමට ඇති කැමැත්ත / ප්‍රවණතාවය ලෙස දැක්විය හැක.
- ණය ශ්‍රේණිගත කිරීමේ දී ප්‍රමාණාත්මක හා ගුණාත්මක සාධක සලකා බලනු ලැබේ
- ණය ශ්‍රේණිගත කිරීම, දැනට පවතින තත්වයට වඩා ඉදිරි ඉදිරි ප්‍රවණතාවයක් දෙස කරන ලද ඉදිරි දැක්මකි.
- ණය ශ්‍රේණිගත කිරීම මිලට ගැනීමක් / විකිණීමක් /හෝ රඳවා ගැනීමේ නිර්දේශයක් නොවේ.
එම නිසා ඔබේ ස්ථාවර තැන්පතුවේ ආරක්ෂාව ගැන සහ තැන්පත් කරනු ලබන ආයතනය, තැන්පතු කාලය තීරණය කිරීමේදී, එම තීරණය ගැනීමට හේතුවන එක් සාධකයක් ලෙස පමණක්, ණය ශ්‍රේණිගත කිරීම් (Credit Rating) භාවිතා කිරීම වඩා යෝග්‍යයි. ඒ වගේම මුල්‍ය ආයතන වල පවතින තත්වය ඒ අයගේ ව්‍යාපාර ස්වභාවය අනුව අනාගතය ගැන පාරදෘශ්‍ය අදහසක් ඔබට මේ හරහා ලබා දෙනව.
👉ෆිප්බොක්ස් (fipbox.com) හරහා ඔබට, ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී වාණිජ / විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුල්‍ය සමාගම් වල ණය ශ්‍රේණිගත කිරීම් (Credit Rating) සියල්ල එකම වෙබ් සයිට් එකකින් බලාගැනීමේ හැකියාව ලබාදීම සිදු කරනව👍.
👉ඔයාගේ මීලඟ ආයෝජනයේදී, ස්ථාවර තැන්පතු පොළි අනුපාතයට පමණක් නොරැවටී, අදාළ ආයතනයේ ණය ශ්‍රේණිගත කිරීම් (Credit Rating) පිළිබඳ සැලකිලිමත් වීම හරහා, ඔබේ ආයෝජනයේ සුරක්ෂිත භාවය ගැන වැටහීමක් සහිතව කරන දැනුම්වත් ආයෝජනයක් කිරීම ෆිප්බොක්ස් (fipbox.com) ඔබට පහසු කරවනවා.
මතක තියාගන්න ඔබෙන් සල්ලි ණයට ඉල්ලන කෙනෙක්ට, සල්ලි දෙන්න කලින්, ඒ කෙනාට සල්ලි ගෙවන්න පුලුවන්ද කියල හොයල බලල සල්ලි දෙන එක 👉ඔයා විසින්මයි කරන්න ඕනේ. සල්ලි නැතිවුනාට පස්සේ 😬😬😬නඩු කිව්වත්, රස්තියාදු වුනත් ඒ වෙලාව සහ වෙහෙස😔😤😤😢 දරාගන්න වෙන්නේ 👉ඔයාටමයි...
ඒ නිසා සල්ලි හොයන්න මහන්සි වෙන මහන්සිය සල්ලි ආයෝජනය කරන තැන ගැනත් හොයන්න යොදවන්න.
නොදන්නා අයට දැනගන්න 👉Share කරන්න. 😀😀
ෆිප්බොක්ස් (fipbox.com) සමග දැනුම්වත් ව, ඔබ කැමති බැංකු හෝ මුල්‍ය ආයතන සමග ආයෝජනය කරන්න.
- Central Bank of Sri Lanka, Circular No.01 of 2018 dated 13 March 2018 about List of Credit rating agencies / 2018 මාර්තු මස 13 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය :
Credit Rating agencies in Sri Lanka websites links:
- Fitch Ratings Lanka Ltd: https://www.fitchratings.com/site/srilanka
- ICRA Lanka Ltd: https://www.fitchratings.com/site/srilanka
Go back to view Fixed Deposit Rates fipbox.com.